2024 පෙබරවාරියෙන් පසු පළමුවරට ඩොලරය රු. 310 ඉක්මවයි !

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) ඇමෙරිකානු ඩොලරයක එතැන් විනිමය දර්ශක අනුපාතය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 310.02ක් ලෙස වාර්තා වී තිබෙනවා .

ඒ අනුව මෙය සැලකෙන්නේ, 2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේ දී ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 306.2802 ක් හා විකුණුම් මිල රු. 313.8181 ක් ලෙසින් සටහන් ව තිබෙනවා.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර සිටියේ පසුගිය 2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6%කින් අවප්‍රමාණය වී ඇති බවයි.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම නිසා, පසුගිය මාස 15 තුල ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 703 කින් ඉහළ ගොස් ඇති බව ද වැරදි ආර්ථික කලමනාකරණය හා සෘජු විදේශ ආයෝජන ලබාගැනීමට අසමත්වීම, විදේශ ණය ප්‍රමාණය මෙළෙස අති විශාල ලෙස ඉහළ යාමට හේතුවක් බවද සඳහන් කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනු ලැබුවේ රු. බිලියන 700ක් පමණ වන මෙම මුදල සපයා ගැනීමට සිදුවන්නේ ජනතාව මත තවදුරටත් සෘජු හා වක්‍ර බදු බර පටවමින් වන බවයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading