සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ පෞද්ගලික සන්නිවේදන සමාගමක් එක්ව ජලජ අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කිරීමේ නවෝත්පාදන ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ, 5G තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රෝබෝ යාත්‍රාවක් ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට හඳුන්වා දෙනු ලැබේ. මෙම ස්වයංක්‍රීය රෝබෝ යන්ත්‍රය,ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව ජලය මත පාවෙන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය එකතු කිරීමේ හැකියාවෙන් යුක්තය.
5G තාක්ෂණයේ ඉහළ වේගය සහ අඩු ප්‍රමාද වේලාව හේතුවෙන්, රෝබෝ යන්ත්‍රය දුරස්ථව සිට පවා නිරවද්‍යව සහ තථ්‍ය කාලීනව මෙහෙයවීමට සහ අපද්‍රව්‍ය හඳුනාගැනීමට හැකිවේ.
මෙම නව රෝබෝ තාක්ෂණය හඳුන්වාදීම සඳහා අවශ්‍ය වන සියලුම අනුග්‍රාහක දායකත්වය පෞද්ගලික සන්නිවේදන සමාගමෙන් සිදු කරනු ලබන අතර, මෙහි සමස්ත මෙහෙයුම් කටයුතු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සිදු කරනු ලබයි.
මෙම සුවිශේෂී ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතාගේ සහ පෞද්ගලික සන්නිවේදන සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් බේරේ වැව කේන්ද්‍ර කරගනිමින් සංකේතාත්මකව අරම්භ කර ඇත.
පරිසර අමාත්‍යාංශය යටතේ ඇති සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සමඟ හවුල්කාරිත්වයෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකාවේ පළමු 5G-සක්‍රීය ස්වයංක්‍රීය ජල-මතුපිට පිරිසිදු කිරීමේ රොබෝව එළිදක්වා තිබෙන බව Dialog ආයතනයේ ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණා.
පාවෙන අපද්‍රව්‍ය එකතු කිරීම සහ පාරිසරික තත්ත්වයන් තත්‍ය කාලීනව නිරීක්ෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම පුරෝගාමී නවෝත්පාදනය, ශ්‍රී ලංකාවේ ජල මාර්ග සහ පරිසර පද්ධති ආරක්ෂා කරන බුද්ධිමත්, තිරසාර විසඳුම් සක්‍රීය කිරීමේදී 5G හි පරිවර්තනීය විභවය පෙන්නුම් කරයි.
නොවැම්බර් 11 වන දින බේරේ වැවේ පැවති ආරම්භ කිරීමේ උත්සවයට පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සභාපති සමන්ත ගුණසේකර, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සහ පරිසර අමාත්‍යාංශයේ, MEPA සහ ඩයලොග් නියෝජිතයින් සහභාගී වී ඇත.
