තවත් තහනම් පිරමීඩ ආයතනයක් ගැන මහ බැංකු නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව Max App Media Ltd සහ ඊට අනුබද්ධිත Max LK Pvt Ltd හා Max Media Lanka Pvt Ltd විසින් තහනම් පිරමීඩ ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බැංකු පනත ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් පසු එම ආයතනය හා අනුබද්ධිත ආයතන සම්බන්ධයෙන් එසේ නිර්ණය කර ඇති අතර මෙම නව ආයතනයත් සමඟ මේ වනවිට තහනම් පීරමීඩ ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම හා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් නිර්ණය කර ඇති ආයතන සංඛ්‍යාව 27ක් වේ.

Author

Leave a Reply

Related Posts