නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුවට නීතිපති උපදෙස් තව නෑ

නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහි මුදල් විශුද්ධිකරණය පිළිබඳ නඩුව පෙබරවාරි 11 දිනට කල්ගොස් ඇත.

ඒ පිළිබඳ නඩුව අද (ඔක්තෝබර් 29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ඒ බව දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්ආර් කන්සල්ටන්ස් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඇතුළු පිරිසට එරෙහිව මෙම නඩුව පවතින අතර රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අධිකරණයට ඉදිරිපත් කර නැත. එහෙත් එහි සෙසු සැකකරුවන් වන සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සමරනායක හා සුදර්ශන බණ්ඩාර අධිකරණයේ පෙනී සිට ඇත.

Author

Leave a Reply

Related Posts