පිළිබඳව ලංකා මෙට්රෝ ට්රාන්සිට් පුද්ගලික සමාගමේ ප්රධාන විධායක නිලධාරී ඉංජිනේරු බී.එම්. පියතිලක රුපවාහිනී වැඩසටහනක එක් වෙමින් ප්රකාශ කළේ රජය සතු මෙට්රෝ ආයතනයේ හිමිකාරීත්වය පාර්ශවකරුවන් දෙදෙනෙකු අතර බෙදී ඇති බවයි.
මෙම ව්යාපෘතිය ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය හරහා පමණක් ක්රියාත්මක කිරීම වෙනුවට, සේවයේ කාර්යක්ෂමතාව, වේගය, ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ නවීන තාක්ෂණය හා කළමනාකරණ මෙවලම් භාවිතයට ගැනීම සඳහා රජය විසින් මෙම ආයතනය විශේෂ ක්රමවේදයක් යටතේ ස්ථාපිත කර ඇති බව ඔහු පවසා පවසා සිටියා.
ලංකා මෙට්රෝ ට්රාන්සිට් ආයතනය මෙහෙයුම්මය වශයෙන් 100%ක්ම පුද්ගලික ආයතනයක් ලෙස ක්රියාත්මක වුවද, එහි සමස්ත හිමිකාරීත්වය 100%ක්ම රජය සතු වේ. එනම්, එය රජය සතු පුද්ගලික ආයතනයක් ලෙස හැඳින්විය හැකි බව ඔහු එහිදී පවසා සිටියේය.
ලංකා මෙට්රෝ ට්රාන්සිට් ආයතනයේ සමස්ත හිමිකාරීත්වය ප්රධාන රාජ්ය පාර්ශ්වකරුවන් දෙදෙනෙකු අතර බෙදී යන අතර, එහි වැඩිම කොටස් හිමිකාරීත්වය වන 60% ක ප්රමාණය ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්රී ලං.ග.ම.) හිමි වන අතර ඉතිරි 40% ක හිමිකාරීත්වය මහා භාණ්ඩාගාරය සතු වන බව ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.
ලංකා මෙට්රෝ ට්රාන්සිට් කියන ආයතනය ඇත්තටම මේ ආයතනය බිහි කරන්නේ 2025 අයවැය යෝජනාවලින් ආපු සංකල්පයක් උඩ. ඒ කියන්නේ ජනාධිපතිතුමත් මේ පවතින ආණ්ඩුවත් මෙන්න කන්සෙප්ට් එකක් තිබුණා සුපහසු ආරක්ෂාකාරී සුපහසු මේ මේ පොදු ප්රවාහනය අපි කොහොමද ඉස්සරහට අරන් යන්නේ කියන කන්සෙප්ට් එකක් තිබුණා.
මෙන්න මේ කන්සෙප්ට් එක තමයි අපි අරගෙන ඉවර වෙලා බැලුවේ මේ කන්සෙප්ට් එක කොහොමද මහපොළොවට අරගෙන එන්නේ කියලා. එතකොට තමයි අපි තීරණය කර ගත්තේ අපිට ඇත්තටම මුලදිම මේක ඒ කියන්නේ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය හරහා මේ ව්යාපෘතිය ඉස්සරහට අරගෙන යනවද? එහෙමත් නැත්නම් මේකට වෙනත් වැඩපිළිවෙළක් යොදා ගත්තොත් හොඳයිද? මේ වගේ මතමතා අතර ගොඩක් තිබුණා.
ඉතින් එතකොට අපි තීරණය කරපු දේ තමයි, මොකද අපේ කාර්යක්ෂමතාවය සහ මේකේ වේගය අපිට ගන්න ඕනේ, මේකේ ගුණාත්මක භාවය ගන්න ඕනේ, මේකට අපිට අලුත් තාක්ෂණය ගෙන්න ඕනේ, අලුත් කළමනාකරණ ටූල්ස් මේක ඇතුළට අරගෙන එන්න ඕනේ. ඉතින් අන්න ඒ නිසා අපි තීරණය කරනවා ඒ කියන්නේ රජයක් විදිහට තීරණය කරනවා අපි ලංකා මෙට්රෝ ට්රාන්සිට් කියන ආයතනය පුද්ගලික ආයතනයක් විදිහට බිහි කරන්නේ.
එතකොට ලංකා මෙට්රෝ ට්රාන්සිට් ආයතනය කියන්නේ 100% ක්ම පුද්ගලික ආයතනයක්. එතකොට මේකේ නමුත් මේකේ හිමිකාරීත්වය 100% ක් තියෙන්නේ රජයට. එතකොට රජය සතු පුද්ගලික ආයතනයක් විදිහට තමයි ලංකා මෙට්රෝ ට්රාන්සිට් ආයතනය බිහි වෙන්නේ. එතකොට මේකේ කොටස් වශයෙන් ගත්තොත් කොටස්කරුවෝ දෙන්නෙක් ඉන්නවා.
ඒ කියන්නේ මේකේ අයිතිය දෙන්නෙකුට තියෙනවා. මේකේ 60% ක අයිතිය තියෙනවා ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයටත්, තව 40% ක අයිතිය තියෙනවා මහා භාණ්ඩාගාරයටත්. මෙන්න මේ විදිහට තමයි මේක රජයට අනුබද්ධ, රජයේ පුද්ගලික ආයතනයක් විදිහට ලංකා මෙට්රෝ ට්රාන්සිට් ආයතනය බිහි වෙන්නේ.
