හෝමාගම පොලිස් අත්අඩංගුවේදී පහරදීමෙන් මියගිය ඉෂාර හර්ෂ කුමාර සමඟ පොලිස් අත්අඩංගුවට ගත් මධුසංක අධිකරණ වෛද්ය නිලධාරියකු වෙත ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්රාත්වරයා අද නියෝග කර ඇත.
ඒ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පොලිස් අත්අඩංගුවේදී පහරදීමේන් මියගිය ඉෂාර හර්ෂ කුමාර මරණය සම්බන්ධයෙන් එම අධිකරණය හමුවට ඉදිරිපත් කළ ඇති නඩුවට මෝසමක් ගොනුකරමින් කරනු ලැබූ ඉල්ලීමක් අනුවය.
ඉෂාර හර්ෂ කුමාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංක මත්ද්රව්ය චෝදනාවක් යටතේ හෝමාගම පොලීසිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති අතර ඔහු මරණයට පත්වූ පුද්ගලයා සමඟ එකට අත්අඩංගුවට ගත් පුද්ගලයා බව පොලීසිය අධිකරණයට වාර්තා කර තිබී නැත.
මරණයට පත්වූ ඉෂාර හර්ෂ කුමාර පහරදීමක් හේතුවෙන් ඉළඇට කැඩී, බෙල්ලේ අස්ථියක් බිඳී හා මොළයට ලේ වහනය වී ඇති බැවින් ඒ සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මහේස්ත්රාත්වරයාගෙන් ඉල්ලීමක් කර ඇතත්, එවැනි නියෝගයක් ලබාදී නැත. එහෙත් විමර්ශන ඉක්මන් කරන ලෙස නියෝග කර ඇති මහේස්ත්රාත්වරයා ඉෂාර හර්ෂ කුමාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංකගෙන් ප්රකාශයක් ලබා ගන්නා ලෙසද නියෝග කර ඇත.
