හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව නොවැම්බර් 23 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (ඔක්තෝබර් 28) නියෝග කර ඇත.
අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්ර ප්රේමරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්රණය අවසන් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
2006 සැප්තැම්බර් 1 වැනිදා සිට 2007 ජූනි 8 වැනිදා දක්වා කාලය තුළ ශ්රී ලංකා නාවික හමුදාවේ ප්රධානියා ලෙස කටයුතු කරමින්, යෝෂිත රාජපක්ෂට බ්රිතාන්යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්යාලයේ Royal Navy Young Officers Course පාඨමාලාවට සහභාගි වීමට අයුතු සහගත ලෙස අවස්ථාව සලසා දීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් වසන්ත කරන්නාගොඩට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.
එම ක්රියාව තුළින් අයුතු ලාභයක් ලබාගත් බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට එරෙහිව ද අධිචෝදනා ඉදිරිපත් කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා 8ක් යටතේ මහාධිකරණය හමුවේ චෝදනා පත්ර ගොනු කරනු ලැබුවේ පසුගිය ජූලි 31 වැනිදාය.
