ශ්‍රී ලංකා කාන්තා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කිරීම අද (11) පෙරවරු 11.30 ට ඉන්දියාවේ නවදිල්ලියේ මොඩර්න් ස්කූල් ක්‍රීඩාංගණයට පිවිසුණා.
ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කරනු ලැබුවේ.
අද මෙම තරගයත් සමඟ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු දෘශ්‍යාබාධිත කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන අතර, එහි පළමු තරගය සඳහා ශ්‍රී ලංකාව සමඟ තරගවදිනුයේ, ඉන්දීීය කාන්තා දෘශ්‍යාබාධිත කණ්ඩායමයි.
අද සිට මෙම මස 23 වන දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, නේපාලය හා ඇමෙරිකා එක්සත් ජනපදය ආදී රටවල් එක් වී සිටිනවා.
තරග 24කින් සමන්විත තරගාවලියේ මූලික වටයේ තරග 21න් 9ක් ඉන්දියාවේදී පැවැත්වෙන අතර, සෙසු තරග 12 සහ අවසන් වටයේ තරග 3 ශ්‍රී ලංකාවේ දී පැවැත්වීීීීී කටයුතු සංවිධානය කර ඇත්තේ. ඒ අනුව අද සිට අනිද්දා (13) දක්වා තරග 5ක් නවදිල්ලියේදීත්, මේ මස 14, 15 සහ 16 දිනවල තරග 4ක් බෙන්ගලූරුහිදී පැවැත්වීමට නියමිත අතර, අනතුරුව 15 වැනිදා සිට මෙරට දී එම තරග පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.
ඒ අනුව ඉන් මූලික වටයේ ඉතිරි තරග 12 කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අවසන් පූර්ව තරග දෙක මේ මස 22 වැනිදා සහ අවසන් මහ තරගය 23 වැනිදා පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පවත්වනු ඇති බවයි සඳහන් වන්නේ.
අද ඉන්දියාවට එරෙහිව මෙසේ පිටියට පිවිසෙන ශ්‍රී ලංකා පිල හෙට (12) නේපාලයට එරෙහිවත්, අනිද්දා අමෙරිකාවට එරෙහිවත් නවදිල්ලියේදීම තරග වදිනු ලබන අතර අනතුරුව ශ්‍රී ලංකාවේ දී මේ මස 15 සහ 17 දෙදින තුළ පිළිවෙළින් පාකිස්තානය සහ ඔස්ට්රේලියාවවට එරෙහිව මූලික වටයේ තරගවලට එක් වීමට නියමිතයි.
ඉන්දු – පාකිස්තාන දේශපාලන අර්බුදය හේතුවෙන් මෙසේ පාකිස්තානය ක්‍රීඩා කරන මූලික වටයේ තරග ද මෙරට දී පැවැත්වෙන අතර, ඔවුන් 15 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් තරගාවලිය ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.
