ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව අද (28) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 300.48 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස ඩොලරයේ අගය රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ පසුගිය 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයක්.
ඒ අනුව අද දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල 300.48 ක් ලෙස වාර්තා වී ඇති අතර, විකුණුම් මිල රුපියල් 308 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.
