දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට රජය සැරසෙයි !

ශ්‍රී ලංකා රජය ණය උපකරණයක් ලෙස දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කිරීම සඳහා සූදානම් වනවා.


මේ වන විට රට තුළට ප්‍රමාණවත් විදේශ විනිමය ලැබෙමින් පවතින බැවින් සහ ඒ අනුව දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළ ද්‍රවශීලතාව ශක්තිමත් වී ඇති බැවින්, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ඉලක්ක කර ගනිමින් එම බැංකු වෙත විදේශ ව්‍යවහාර මුදල්වලින් ආයෝජන සඳහා අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකාව විසින් විදේශ ව්‍යවහාර මුදල්වලින් නාමනය කරන ලද දේශීය ණය උපකරණ නිකුත් කිරීම කෙරෙහියි මෙසේ රජයේ අවධානය යොමු වී ඇත්තේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2025 අගෝස්තු මාසයේදී ආයෝජකයන්ගේ කැමැත්ත නිර්ණය කිරීම සඳහා පවත්වනු ලැබ ඇති වෙළෙඳපොළ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව, වසරකට අඩු කාලයක සිට වසර 03ක කාලයක් තෙක් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් දක්වා විවිධ ප්‍රමාණවලින් ආයෝජනය කිරීමට ආයෝජකයින් විසින් උනන්දුවක් දක්වන බව තහවුරු වී ඇති පසුබිමකයි මෙම තීරණය රජය විසින් ගනු ලැබ ඇත්තේ.

ඒ අනුව, කෙටිකාලීන ද්‍රවශීලතා උපකරණයක් ලෙස, දැනට පවතින නෛතික රාමුව තුළ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් දේශීය ඩොලර් බැදුම්කර නිකුත් කිරීමට අදාළ කටයුතු ආරම්භ කිරීමටයි මෙසේ අනුමැතිය හිමිව ඇත්තේ.

මේ පිළිබඳව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමරා දිසානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ දී අනුමත වී තිබෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading