අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමේ සැකකරුට ඇප! ඒත් ගෙදර යන්න බැ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතල ලෙස දූෂණය කළැයි කියන සිද්ධියට සම්බන්ධව මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු යුද හමුදා සෙබළා ඊයේ (06) ඇප මත මුදා හැර තිබෙනවා.

මෙම නියෝගය ලබා දුන්නේ අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විසින්.

මෙසේ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණේ, ගල්නෑව නව නගරය, ඩී තුන, ඇළ පාර ලිපිනයේ පදිංචි කේ. බී. මධුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළෙක්

සැකකරුට රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලද්දේ එක් ඇපකරුවකු සැකකරුගේ ළඟම පවුලේ ඥාතියකු විය යුතු බවයි.

තවද, සැකකරුට සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට කිසිදු ආකාරයකින් බාධා නොකරන ලෙස තරයේ අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කළා.

කෙසේ වෙතත්, මෙම දූෂණ සිද්ධියට අදාළව හිටපු යුද හමුදා සෙබළාට ඇප ලැබුණදඔහුජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධ තවත් සිද්ධියක් හේතුවෙන් මෙම හිටපු සෙබළා තවදුරටත් රක්ෂිත භාරයේ පසුවනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙම වෛද්‍යවරිය දූෂණය කළැයි කියන සිද්ධියට සම්බන්ධව ගල්නෑව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළාකාය එක්ව සැකකරු පදිංචිව සිටි ගල්නෑව ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී නිවසේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබුණා.

මෙම සිද්ධියට අදාළව පොලීසිය මේ දක්වා පවත්වා ඇති විමර්ශනවල උදෘත දැනටමත් නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අනුරාධපුර පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකාර හිටපු යුධ හමුදා සෙබළා විසින් පැහැරගෙන ගොස් සඟවා තිබියදී පොලීසිය සොයාගත් වෛද්‍යවරියට අයත් වටිනා ස්මාර්ට් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවන ලෙසටද අධිකරණය පැමිණිල්ලට නියෝග කළා.

මෙම සැකකරු රඳවා තබාගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අවශ්‍ය නොවූ අතර, මාස හයකට වැඩි කාලයක් තිස්සේ අත්බෝම්බයක් තිබුණායැයි සැකය මත පමණක් ඔහු දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එවැනි පසුබිමක දරුණු පාතාල ක්‍රියකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන් රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ රඳවා තබාගනිමින් සිටිනවා. 

ගිනි අවි ආඥාපනත ඇතුළු වෙනත් නීතිරීති පාවිච්චි කරමින් රඳවා තබාගැනීම වෙනුවට ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යොදා ගැනීමෙන් එම පනත නොමැතිව දීර්ඝ කාලයක් පුද්ගලයන් රඳවාගැනීමට නොහැකි බවට දුර්මතයක් සමාජගත කරමින් සිටින අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අහෝසි නොකර සිටීමේ උපක්‍රමයක් වශයෙන් එසේ කරන්නේදැයි කුකුසක්ද මතු වී තිබෙනවා

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading