CIDය කජ්ජාගෙ පුතාගෙන් ප්‍රශ්න කරයි!

කජ්ජා  හෙවත් අරුණ විදානගමගේගේ පුත් ඉඳුවර විදානගමගේගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවූ අවස්ථාවේදී, ඔහුගේ වාහනය පසුපස සැකකටයුතු රථයක කජ්ජා හෙවත් අනුර විදානගමගේ ගමන් කළ බවට ඔහුගේ බිරිඳ මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් කර තිබුණා. .

පසුව අනුර විදානගමගේගේ පුත්‍රයා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් තම මවගේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර අදාළ එම වීඩියෝව තම පියාගේ පවුලේ සාමාජිකයන්ට පෙන්වා තිබියදීත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදු නොකරන්නේ මන්දැයි ඔහු පොලීසියෙන් විමසා සිටියා.

කෙසේවෙතත් වසීම් තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා ගමන් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව තහවුරුවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 4 වැනි දින සඳහන් කළා.

එවන් පසුබිමක අරුණ විදානගමගේගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading