රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා විසින් රජයේ වාහනයක් අවභාවිත කළැයි සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කළ පිරිසකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.
අප කළ විමසීමකදී ඇය පැවසුවේ, මෙතෙක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර නොමැති නමුත් තමාව ඉලක්ක කරමින් සිදුකරන මෙම ව්‍යාජ ප්‍රචාරයන් අන්තර්ජාල හිංසනයක් ලෙස සලකන බැවින් එයට පිළිතුරු දීමක් ලෙස පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවයි.
වාර්තාවන ආකාරයට ඇය විසින් රාජ්‍ය සංස්කෘතික වැඩසටහනකට ස්වෙච්ඡාවෙන් සහයෝගය ලබා දීම සඳහා සහභාගී වී තිබෙනවා.
ඒ සඳහා ඇය ත්‍රීරෝද රථයකින් බැරිස්ටා අවහන්හලකට පැමිණ තිබෙනවා.
එහිදී ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ සිතුමිණි රත්මලල ඔහුගේ කටයුතු සඳහා භාවිතා කරන, රාජ්‍ය ලාංඡනය යොදා ඇති රථයකින් සහභාගී වී තිබුණා.
එම අවස්ථාවේදී යම් පිරිසක් විසින් එම අවස්ථාවට අදාළව ඡායාරූප ලබාගෙන ඇති අතර, එම රථය සමනලී ෆොන්සේකා පැමිණි රථය ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුල අදහස් පළ කිරීම් සිදු කර ඇත.
කෙසේවෙතත් සමනලී ෆොන්සේකා මේ සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් පළ කර තිබුණා.
ඇය එම සටහන මගින් සඳහන් කර තිබුණේ, රජයේ වාහනයක් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, එම ව්‍යාජ ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත රාජ්‍ය සංස්කෘතික උළෙලක් සඳහා යෝජනාවලියක් සකස් කිරීමේ මූලික ස්වේච්ඡා හමුවක් වෙනුවෙන් නුගේගොඩ පිහිටි බැරිස්ටා අවන්හලකට ගිය බව සමනලී ෆොන්සේකා එහිදී සඳහන් කළා.
ඇය එම ස්ථානයට පැමිණ ඇත්තේ ත්‍රීරෝද රථයකින් බව ඇය අවධාරණය කළා.
කෙසේවෙතත් සමනලී ෆොන්සේකාගේ අවසරයකින් තොරව ලබාගත් ඡායාරූපයක් සහ එළියේ නවතා තිබූ රජයේ ලාංඡනය සහිත වාහනයේ අංක තහඩු සහිත ඡායාරූපය එක් කරමින්, එය ඇයගේ වාහනය ලෙස අසත්‍ය ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ජාලා හරහා ගෙන ගොස් තීබෙනවා.
ඒ පිළිබඳව සඳහන් කරමින් සමනලී ෆොන්සේකා ෆේස්බුක් සටහන මගින් වැඩිදුරටත් අවධාරණය කළේ,තමන් කිසිම රාජ්‍ය ආයතනයක නිලතලයක් කිසිම දවසක දරා නොමැති බවත්, මේ වන විටත් නිලතලයක් නොදරන බවයි.
ඇය සතුව ඇත්තේ පෞද්ගලිකව පරිහරණය කරන,කල්බදු ණය පදනමක් මත වාරික ගෙවාගෙන යන වාහනයක් පමණක් බවට පැවසූ සමනලී ෆොන්සේකා සඳහන් කරන්නේ, අනවසරයෙන් ඡායාරූප ලබාගත් පුද්ගලයාට එරෙහිව සහ සාවද්‍ය චෝදනා සම්බන්ධයෙන් තම නීතිඥවරුන් ලියකියවිලි සකසමින් සිටින බවයි.
එමෙන්ම, වාහනයට වගකියන ඇයගේ මිතුරාද ඔහුගේ අනවසරයෙන් වාහනයේ ඡායාරූප ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක් දැනටමත් යොමු කර ඇති බවද ඇය ෆේස්බුක් සටහන මගින් සඳහන් කළා.
සමනලී ෆොන්සේකා මෙම සටහන ඔස්සේ තවදුරටත් පෙන්වාදෙන්නේ, තමන් දේශපාලනය කරන්නේ “පදවි තානාන්තර, වරදාන වරප්‍රසාද” බලාපොරොත්තුවෙන් නොවන බවත්, එම “යල්පැන ගිය දේශපාලන සංස්කෘතිය දැන් වෙනස් වෙමින් පවතින” බවයි.
මෙවැනි සාවද්‍ය තොරතුරු වලින් තම පණ අදින දේශපාලන පක්ෂ සහ නායකයින් ගොඩ දැමීමට දඟලන පිරිස මෙය තේරුම් ගත යුතු බව ඇය පවසා සිටියා.
තම උපයන මුදලින් සරලව ජීවත් වීමට හැකි වූයේ කිසිදු රජයේ දේපළක් හෝ මුදලක් භාවිතා හෝ අවභාවිතා නොකළ නිසා බවද සමනලී ෆොන්සේකා අවධාරණය කළා.
කෙසේවෙතත් තමන්ට එල්ල වී ඇති චෝදනා මුළුමනින්ම පදනම් විරහිත බැවින්, අන්තර්ජාලය ඔස්සේ සිදු වන මෙම ව්‍යාජ ප්‍රචාරයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සමනලී ෆොන්සේකා තීරණය කර තිබෙනවා.

සිතුමිණි රත්මලල කියන්නෙ පිරිමි එකෙක් නේද? අර ශිවාව හෝද හෝද හිටිය වගෙත් මතකයි මූ