යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, සිය නිවස තුළදී මරණයට පත්ව ඇති බවට පොලීසිය පවසනවා. දැනට හෙළි වී තිබෙන කරුණු අනුව පොලීසිය පවසන්නේ ඔවුන් ජීවිතය හානි කරගෙන ඇති බවයි.
මේ වනවිට SOCO නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පවසන පරිදි, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි එම නිවසේ නිදන කාමරයක් මත තිබී ඔහුගේ බිරිඳගේ සහ වැඩිමහල් දියණියගේ ද මළ සිරුරු සොයාගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ පරිදි, සියදිවි හානිකරගත් යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාගේ වයස අවුරුදු 52ක් වන අතර බිරිඳ 44 වියේද වැඩිමහල් දියණිය 17 හැවිරිදි වියේ පසුවේ.
යටිනුවර ප්‍රාදේශීය සභාවේ සීයට 50කට වැඩි බහුතරය ජාතික ජන බලවේගයට හිමි වූ අතර, එය එම පක්ෂයට ලැබුණු ආසන සංඛ්‍යාව 23කි. දෙවැනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලැබුණේ සමගි ජන බලවේගයටයි. එහිදී සමගි ජන බලවේගයට ආසන නවයක් ලැබී තිබුණා. ස්වාධීන කණ්ඩායමකට ආසන 4ක් ලැබී තිබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන තුනක් හිමි වී තිබුණා.
