සත්‍ය සිදුවීමක් ඇසුරින් හැදූ ෆාදර් චිත්‍රපටියේ පළමු නිල පෝස්ටරය එළියට!

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වී තිබේ. 70-90 අතර කාලයේ මෙරට සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් ඇසුරෙන් නිපදවන ලද Father සිනමාපටය නුදුරේදීම තිරගතවීමට නියමිත ය.

මෙරට රංගන ක්ෂේත්‍රයේ පෙළහර පානා දක්ෂ නළු නිළියන් 100කට ආසන්න පිරිසකගේ දායකත්වයෙන් හැඩ ගැන්වී ඇති Fatherහි කැමරාව සම්මානලාභී කැමරා අධ්‍යක්ෂකවරයෙකු වන විශ්වජිත් කරුණාරත්නගෙනි. සංගීත සංයෝජනය සංගීත අධ්‍යක්ෂක චින්තක ජයකොඩි සහ අමිත් ගුරු ගෙනි. කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත ද, ඇඳුම් නිර්මාණයෙන් සවන් පවිත්‍රද, වේශ නිරූපණයෙන් ප්‍රියන්ත එස්. වන්නිනායකද දායක වී තිබේ. සංස්කරණය සිතුම් සමරජීවගෙනි.

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ 25 වසරක සංගීත ජීවිතයේ පළමු සිනමාපට පසුබිම් ගායනය එළි දකින්නේද Father සිනමාපටයෙනි.

ක්‍රියාදාම සිනමාපටයක් ලෙස දැක්වෙන Father සිංහල සිනමාවට උදාවී ඇති වසන්තය තවත් ඔපවත් කරනු ඇතැයි බලාපොරොත්තු නංවා තිබේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading