මෙම වසරේ මුල් මාස හත තුළ සංචාරකයන් 13,65,574 ක් මෙරටට පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීය පවසනවා.
ඒ අනුව මෙම ජූලි මස ගෙවී ගිය දින කිහිපයේ දී පමණක් විදෙස් සංචාරකයන් 98,765ක් මෙරටට පැමිණ ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනු ලබන්නේ.
කෙසේ නමුත්, මෙම වසරේ ගෙවී ගිය මාස කිහිපයේ දී සංචාරකයන් 2,61,681 ක් ඉන්දියාවෙන් ද, 1,18,555 ක් එක්සත් රාජධානියෙන් ද, 1,13,888 ක් රුසියාවෙන් ද මෙරටට පැමිණ ඇති බවයි අවසාන වශයෙන් එම අධිකාරිය දක්වා සිටියේ.
