සෙව්වන්දි නැතත්, 12ක් ඇල්ලුවා! ඉෂාර ලංකාවෙ ඉන්න බව දන්නවා – ආනන්ද විජේපාල

පාතාල කල්ලි නායක  ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට 12දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වී දැනට අතුරුදහන්ව සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තිය රටින් පැන ගොස් නැති බවයි.

සැකකරුවන් සැකකාරියන් අල්ලා ගැනීමට දුෂ්කර වන මෙවැනි විරල සිද්ධි එකක් දෙකක් ඇතිවිය හැකි බවද ආනන්ද විජේපාල මහතා එහිදී කියා සිටියා.

සැකකාරිය ගැන යම් යම් තොරතුරු වෙනත් සැකකාරියන් හරහා අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

උසාවියේ ආරක්ෂාවේ අඩුපාඩුවක් හේතුවෙන් එම සිද්ධිය සිදු වූ බව පැවසූ ආනන්ද විජේපාල අමාත්‍යවරයා  ප්‍රහාරය පිළිබඳව කල්තියා නිශ්චිත තොරතුරක් ලැබී නොතිබුණු බව අවධාරණය කළා.

ගනේ මුල්ල සංජීව නමැත්තාට  ජීවිත තර්ජනයක් ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහුගේ ආරක්ෂක විධි විධාන දැඩි කළ බවත්  ඔහු බන්ධනාගාරයේ සිට උසාවියට රැගෙන එන අවස්ථාවේදී විශේෂ ආරක්‍ෂාවක්  දුන්නේ ඒ නිසා බවත්  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් මෙහෙය වූ පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා   ඉකුත් පෙබරවාරි මස 19 වෙනි දින බූස්ස බන්ධාගාරයේ සිට කොළඹ අලුත් කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැඩි ආරක්ෂාව මධ්‍යයේ රැගෙන වීමෙන් අනතුරුව විත්ති කූඩුව මත සිටියදී නීතිඥ වෙස් ගෙන පුටුවක අසුන් ගෙන සිටි වෙඩික්කරු එකවරම අසුනෙන් නැගිට කූඩුව අසලටම පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ගිනි අවිය එම ස්ථනයේම දමා පලා ගොස් තිබුණා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading