මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළා.
චෝදනා 43ක් යටතේ මෙම අධි චෝදනා ගොනුකර තිබෙනවා.
ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිවද නීතිපතිවරයා අදකොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළා.
අදාළ අධිචෝදනා පත්රය චෝදනා 13කින් සමන්විත වූ අතර මෙලෙස අධිචෝදනා ගොනුකිරීම සිදුකෙරුණේ මහාධිකරණ විනිසුරුවන් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්රදීප් අබේරත්න යන ත්රිපුද්ගල විනිසුරුවරු මඩුල්ල හමුවේයි.
පසුගිය ජූනි 19 වැනිදා මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට අවසන්වරට විමර්ශනවල ප්රගතිය වාර්තා කරමින් නියෝජ්ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කියාසිටියේ ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් සිදුවීම සම්බන්ධයෙන් වසරකුත් මාස 08යි දින 06ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන මේවනවිට අවසන් කෙරුණු බවයි.
හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ කුසුම් ප්රියදර්ශනී ඇපා වැයිහේන, ඔහුගේ දියණියන් වන චමිත්රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බැණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කරනු ලැබුවා.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 65 (1) වගන්තිය ප්රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කරන ලද නියෝගය ප්රකාරව එම පනතේ 13 (අ) වගන්තිය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා.
2020 වසරේ අගෝස්තු මස 13 වැනිදා සිට 2024 වසරේ ජුනි මස 24 වැනිදා දක්වා කාලය අතරතුරදී ජනමාධ්ය හා සෞඛ්ය අමාත්යංශයේ කටයුතු කරමින් අයථා ලෙස වත්කම් උපයා ගැනීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්රය යටතේ ගැනෙන වැරදි සිදු කර ඇතැයි චෝදනා පත්රය මගින් විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබුණා.
