අරක්කු බද්දෙන් ගොඩ! වාර්තාගත සුරාබදු ආදායමක්!

මෙම වසරේ පළමු මාස හතර තුළ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 83 කට අධික වාර්තාගත ආදායම් ඉපැයීමක් ලබා ඇත.

මුදල් අමාත්‍යාංශයේ ආදායම් උපයන ආයතන ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවන සුරාබදු දෙපාර්තමේන්තුවට 2025 වර්ෂය තුළ රුපියල් බිලියන 242 ක ඉලක්කයක් සපුරාලීමට නියම කර ඇති අතර, ප්‍රගති වාර්තාව පසුගිය සතියේ සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා මහතා විසින් කැඳවා තිබුණි.

ඒ අනුව, මුදල් අමාත්‍යාංශය විසින් මෙම වසරේ ජනවාරි 1 වන දින සිට අප්‍රේල් 30 වන දින දක්වා කාල සීමාව සඳහා නියම කර තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 80.5 ක් විය.

එහෙත්, එය ඉක්මවායමින්, පළවැනි මාස හතර තුළ ඉහත කී රුපියල් බිලියන 83.6 ක ආදායමක් ලබාගෙන තිබේ.

Author

Related Posts