රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඔහුගේ විශ්‍රාම යෑමට ප්‍රථම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන් කණ්ඩායමක් කැඳවා සංග්‍රහ කර ඇතැයි අප්‍රේල් 25 අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.
මේ ඉරිදා අනිද්දා පුවත්පත සඳහන් කර ඇත්තේ, කරන්දෙණියේ පිහිටි යුද හමුදා බුද්ධි අංශ මූලස්ථානයේදී මෙම සංග්‍රහය ලබා දී ඇති බවත්, ඒ සඳහා සහභාගී වූ මාධ්‍යවේදීන් පොලිස් හා ආරක්ෂක විෂයන් සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදෙන අය බවත්ය.
මෙම සාදයට සහභාගී වූ මාධ්‍යවේදියෙකු මේ මේ වන විට රට හැර ගොස් ඇති බව වාර්තා වන අතර, ඔහු සේවය කළ මාධ්‍ය ආයතනයට ඉන් ඉවත්වෙන බව දැනුම් දී ඇත්තේ එසේ රට අතැර විදේශයකට යෑමෙන් පසුය. ගිරිතලේ යුද හමුදා කඳවුරෙග් ගිනි අවි නැති වීමේ සිදුවීමට අදාල පරීක්ෂණයේදී ඊට සම්බන්ධ පාතාල සමජිකයෙකුට යුද හමුදා සාමාජිකයෙකු හඳුන්වා දී ඇත්තේ එම මාධ්‍යවේදියා බවට අනාවරණය වී ඇත.
සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මෙන්ම ඔත්තුකරුවෙකු ලෙස ප්‍රකට අතර, මාධ්‍ය සමඟ ඔහු දක්වන සම්බන්ධතාවය මෙවැනි සිදුවීම්වලින් පෙන්වාදිය හැක.
