සත්වෝද්‍යානයක භාරයේ සිටින ලොව වයස්ගතම ගෝරිල්ලා වන ෆාටෝ, ඇගේ 68 වන උපන්දිනය ඉහළින් සැමරීමට සූදානම් වෙමින් සිටිනවා.
අප්‍රේල් 13 ඉරිදා ඇගේ උපන්දිනයයි. ඊට පෙර 11 වැනි සිකුරාදා ඇයට පළතුරු සහ එළවළු පිරි කූඩයක් ලබා දී තිබෙනවා.
මෙම ප්‍රවෘත්තිය ලොවපුරා කෆ්හාබහට ලක්වෙද්දි සතුන්, මිනිසුන් ගැනත් සත්වෝද්‍යාන සසංස්කෘතිය ගැනත් කල්පනා කරන්න ඉඩ විවර වෙනවා
ෆාටෝ 1957 දී උපත ලැබුවා. එවකට බටහිර බර්ලිනය ලෙස හැඳින්වූ ප්‍රදේශයේ පිහිටි, දැන් අයව රඳවා තිබෙන බර්ලින් සත්වෝද්‍යානයට 1959 දී ගෙන ආවා.
ඒ අනුව ඇය අවුරුදු හැටහයක්ම සත්වෝද්‍යානයක ජීවත්වී ඇත්තේ ඇයට උරුම ස්වාභාවික පරිසරයෙන් ඈත් වෙලා.
ඇයට තවදුරටත් ආහාර ගැනීමට දත් නොමැති බැවින්, ඇගේ ආහාර මෘදු හා පහසුවෙන් ආහාරයට ගැනීම සඳහා ඇය භාරයේ තබාගන්න පාලකයන් යළි සකස් කරනවා.
ඒ අනුව ඇයට මනුෂ්‍යයෙකු සේම තමන්ට සදාදුන් තත්වයන් යටතේ ජීවත් වෙන්න සිදු වී තිබෙනවා.
පශු වෛද්‍ය ඇන්ඩ්‍රේ ෂූලේ ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත කියා තිබුණේ “ෆාටෝට මෙතැනදී ඉහළම මට්ටමේ රැකවරණයක් ලැබෙනවා” යනුවෙන්.
ඇයව රඳවා තිබෙන්නේ වයස අවුරුදු 4 සිට 39 දක්වා වයස්වල පසුවන සත්වෝද්‍යානයේ අනෙකුත් ගෝරිල්ලන් පස් දෙනාගෙන් වෙන් කරලා. ඇය ඇගේම කූඩුවක ජීවත් වෙනවා. ෂූලේ පවසා තිබුණේ “ඇගේ වැඩිහිටි වයසේදී ඇයට ලැබිය යුතු විවේකී ජීවිතය ඇයට ලබා දී තිබෙන” බව.
ගෝරිල්ලන්ට වනයේ අවුරුදු 35-40 ක් පමණ ජීවත් විය හැකියි. එහෙත්, මෙවැනි සත්වෝද්‍යානවල ඇති පහසුකම් නිසා ඊට වඩා වැඩි කාලයක් ජීවත් විය හැකියි.
සැබෑ ප්‍රශ්නය එය නෙවෙයි, මිනිසුන් විසින් සකස් කරන ලද සත්වෝද්‍යානයක ඇය ගෙවූ දීර්ඝ ජීවිතයෙන් ඇය සතුටු වුණාද? ඇය තෘප්තිමත්ද? එය පරීක්ෂාවට ලක්කළ හැකිද? ඇයව අවුරුදු 68ක් ජීවත් කරවූයෙ ඇය වෙනුවෙන්ද?
පසුගිය වසරේදී එම සත්වෝද්‍යානයේ සිටි ෆ්ලෙමින්ගෝ පක්ෂියෙකු වන ඉන්ගෝ මිය යාමෙන් පසු ෆාටෝ සත්වෝද්‍යානයේ වයස්ගතම පදිංචිකාරිය බවට පත් වුණ බව වැඩිදුරටත් සඳහන් වෙනවා. එම පක්ෂියා මියයන විට අවම වශයෙන් අවුරුදු 75 ක් වයසැති බව විශ්වාස කෙරෙන අතර 1955 සිට සත්වෝද්‍යානයේ ජීවත් වුණා.
