මර්වින් සිල්වා අත්අඩංගුවට ගත්තේ ඇයි

හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රියේ (05) අත්අඩංගුවට ගනු ලැබුවා.

පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, හිටපු අමාත්‍යවරයා කූඨ ලේඛන සකස් කර කැලණිය ප්‍රදේශයේ ඉඩමක් අලෙවි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බවයි.

එම ඉඩම 2010 වසරේදී කිරිබත්ගොඩ නව නගරය ඉදිකිරීම සඳහා රජය වෙත පවරා ගත් භූමියකි.

එම ඉඩම් වංචාවට සහය දුන් තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

Author

Related Posts