හරක්කටාට පැනල යන්න උදව් කරපු කොස්තාපල් මාට්ටු

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පැනයාමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ඉන් පළායාමට පසුගිය 2023 වසරේ දී උත්සාහ ගෙන තිබුණා.

ඒ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ රවිදු සන්දීප‍ නැමැත්තා සහාය ලබා දී තිබු බව වාර්තා වුණා.

පසුව අදාළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අතුරුදන්ව සිට ඇති අතර ඔහු සොයා විමර්ශන ආරම්භ කළා.

ඒ අනුව සිදුකළ විමර්ශනවලට අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading