වීසා සල්ලි දින 07ක් තියාගන්න IVS-GBS සමාගමට බලය – සේවා ගාස්තුව අවුරුදු 2කට වරක් වැඩි කරන්නත් හැකියාව

(තරිඳු ජයවර්ධන)

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා වීසා නිකුත් කිරීමට අය කරන සියලු ගාස්තු දින හතක කාලයක් යන තුරු IVS-GBS සමාගමේ ගිණුමක රඳවා තබා ගැනීමට දැනට අත්සන් කර ඇති ගිවිසුම අනුව අවස්ථාව හිමිවන බව වාර්තාවේ.

ගිවිසුමේ තුන් වෙනි ඇමුණුමේ 4.ඩී  හි සඳහන්ව ඇත්තේ සමාගම ලබා ගන්නා වීසා මුදල් දින 7ක් ඇතුළත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබා දිය යුතු බවයි.

එසේම එම ආයතනය ශ්‍රී ලංකාවේ ආගමන විගමන කාර්යාලය යෝජනා කරන ලංකාවේ බැංකුවක ඩොලර් ගිනුමක් විවෘත කර වීසා සඳහා අය කරන මුදල් ඩොලර්වලින් එකතු කර ගැනීමට මේ වන විටත් ගිවිසුම් ගතවී තිබේ.

දින හතක් යන තුරු මුදල් රඳවා තබා ගැනීමට IVS-GBS ආයතනයට ලබාදීම ගැටලු සහගත බවත්, එමගින් එම මුදල් කෙටිකාලීන කටයුතුවල යොදවමින් අධික ලාබයක් ගැනීමට ආයතනයට හැකියාව ලැබෙන බවත්, එසේම දිනකට හෝ යම් පොලී මුදලක් ඔවුනට හිමිවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශේෂඥයෝ පවසති.

මෙම ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කර තිබුණේ IVS-GBS Global Services යන නමිනි.  ඊට අදාල ආයතන GBS Technology Services & IVS Global – FZCO (IVSGBS) ලෙස සහ VF Worldwide Holding LTD (VFS Global) වශයෙන් වෙනත් රටවල ලියාපදිංචි ආයතන බව කියැවේ. මෙය සරලව IVS, GBS හා VFS ආයත තුනක එකතුවක් ලෙස ඉදිරිපත්ව ඇති ව්‍යාපෘති වාර්තාවකි. IVS සහ GBS ආයතන දෙක එක ආයතනයක් ලෙස ඩුබායි රාජ්‍යයේ ඩුබායි ඉන්ටග්‍රේටඩ් ඉකොනොමික්ස් සෝන් හි අංක 12734 යටතේ ලියාපදිංචි වී ඇති බවට පැවෙසෙන අතර VFS ආයතනය ඩුබායිහි බලපත්‍ර අංක DMCC-353188 යටතේ ලියාපදිංචි කර ඇතැයි සඳහන්ය. දිල්ලියේ මූලස්ථානය පිහිටා ඇති IVS Global Services Pvt. Ltd.  ආයතනය ඉන්දියා රජයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස සඳහන්ය.  එය U63090MH2010PTC202913 යටතේ ඉන්දියාවේ සමාගම් ලියාපදිංචි කිරීමේ ආයතනයේ ලියාපදිංචි කර ඇති බව ඔවුන් ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුමක සඳහන් වේ.

වීසා නිකුත් කිරීම සඳහා අදාල සමාගම්වෙත ඩොලර් 18.50ක සේවා ගාස්තුවක් අය කිරීම සඳහා ගිවිසුම මගින්ම අවස්ථාව ලබාදී ඇති අතර එය වසර දෙකකට වරක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එකගත්වය ඇතිව වැඩි කිරීමට ද අවස්ථාව ලබාදී තිබේ.

මේ ගැන මීට පෙර පළ කළ ලිපිය – https://whatnews.lk/2024/05/06/visa0506/

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading