ජන අරගලයේ දුමින්ද, ළහිරු ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඒ අද (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 20 වනදා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

Author

Related Posts