IMF වැඩපිළිවෙලට එරෙහි වූ වරදට පහර දී සිරගත කළ දුමින්ද – ළහිරු – ජිනරතන හිමි ඇතුලු සිව්දෙනෙක්ව කොටුව මහේස්ත්‍රාත් හිරේ දමයි!

මාර්තු 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල නිසා සිදුව ඇති අසාධාරණයන්ට එරෙහිව පැවැත් වූ විරෝධතා පාගමනකට පහර දී අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර ඇතුළු පිරිස මාර්තු 21 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

දුමින්ද නාගමුව, ලහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු සිව් දෙනකු වෙනත් නඩු සඳහා අවශ්‍ය බව පොලිසිය කළ කරුණු දැක්වීමට අනුව ඔවුන් ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදී විනිසුරුවරයා නියෝග කළේය. තවත් පස් දෙනෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

උද්ඝෝෂණය අතරතුර තුවාල ලැබූ බව කියන පොලිස් නිලධාරීන් සහ උද්ඝෝෂකයන් සියලු දෙනා එකම පරිශ්‍රයක් තුළ එකම අවස්ථාවේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකළ බවත් එසේම සැකකරුවන් මේ දක්වා සිටියේ පොලිස් ස්ථානවල බවත් එම නිසා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීම අසාධාරණ බවත් උද්ඝෝෂකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසූ නමුත් පෙරෙට්ටුව පැවැත්වීය.

ලබන සතිය තුළ හඳුනාගැනීමේ පෙරෙට්ටුව පවත්වන ලෙස පොලිසිය ඉල්ලා සිටියද හඳුනා ගැනීමේ පෙරට්ටුව මාර්තු 22 පැවැත්වීමට අධිකරණය නියෝග කරන ලදී. ඒ අනුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුව එදින පැවැත්වීමට නියමිතය. සෙසු සැකකරුවන් සියලු දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කෙරිණි.

ජනවරමක් නොමැති රනිල්- රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ අනුග්‍රහය මත ක්‍රියාත්මක වන අධික බදු බර, පෞද්ගලිකකරණය, දේපළ විකිණීම, මර්දන පනත් ආදියට විරෝධය පළ කිරීමට විරෝධතාව පැවැත්වීය. එම අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය. මෙම පහරදීම ඇතුළු පහරදීම් ගණනාවක් ඔවුන්ගේ පූර්ණ අනුග්‍රහය මත රජය සිදු කරමින් සිටී.

  සාමකාමී උද්ඝෝෂණයෙන් අනතුරුව විරෝධතාකරුවන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ටෙක්නිකල් හන්දිය දෙසට සාමකාමී පාගමනකින් ගමන් කරමින් සිටියදී පොලිසිය ඊට ම්ලේච්ඡ ලෙස පහර දුන්නේය. දුමින්ද නාගමුව සහ ලහිරු වීරසේකර අත්අඩංගුවට ගන්නා ලද්දේ උද්ඝෝෂණය අවසන්ව විසිර යමින් සිටියදීය. එහිදී ළහිරු වීරසේකරට පහර දී තිබුණි. පොලිසිය දුම්රිය ස්ථානය තුළදී සහ බස් රථ තුළදී උද්ඝෝෂණය අවසන්කර නිවෙස් බලා යමින් සිටි අයද අත්අඩංගුවට ගනු දක්නට ලැබිණි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading