වසර 2035 වනවිට චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව රුසියාවේ රොස්කොස්මොස් ප්‍රධානී යූරි බොරිසොව් ප්‍රකාශ කර තිබෙනවා.
චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය සමඟ එකතු වී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව රොස්කොස්මොස් ප්‍රධානී යූරි බොරිසොව් පැවසු බව විදෙස් වාර්තා සඳහන් කළා.
මෙම ව්‍යාපෘතිය 2033 සිට 2035 වසර දක්වා කාලය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද රොස්කොස්මොස් ප්‍රධානියා පවසා තිබෙනවා.
එසේම රුසියාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයක් තැනීමටද බලාපොරොත්තු වන බව රොස්කොස්මොස් ප්‍රධානියා පැවැසු බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මෙම ව්‍යාපෘති දෙක සාර්ථකව අවසන් කිරිමට හැකි වුවහොත් සඳෙහි ජනාවාස පිහිටුවීමට එය මහත් පිටුවහලක් වනු ඇති බව යූරි බොරිසොව් පවසා තිබෙනවා.
