පොලිස්පති පන්නන කුමන්ත්‍රණයක්ලු! පැරැද්දුවාලු!

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොලීසිය බාරව සිටින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද දිවයිනේ නොමැති අවස්ථාවේදී පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත් තීන්දුවක් ආපසු හරවමින් පොලිස්පති ධුරයේ පිහිටුවීමට 17 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගත්ත බව ලංකාදීප පුවත්පතේ අංජුල මහීක වීරරත්න වාර්තා කරලා තියෙනවා.

ඒ පුවත ඒ කරුණු සමග ඒ විදියටම දිණමින ආණ්ඩුවේ පුවත්පතත් වාර්තා කරලා තියෙනවා.

පොලිස්පතිවරයෙක් පත් කර ගැනීම හෝ සිටින පොලිස්පතිවරයාට නිසි පරිදි සේවා දිගුවක් ලබා දීම කරගන්නට බැරිව තටමමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මේ වෙද්දී පොලිස්පති ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාස්කු ප්‍රහාරය සිදු වන්නට ඉඩ හැර බලා සිටීමට අදාල විශාලම වගඋත්තරකරුවෙකු වන නිලන්ත ජයවර්ධනව පොලිස්පතිවරයා ලෙස වැඩ බැලීමට පත් කර තිබෙනවා.

එම පුවත්වලින් කියන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තීන්දුවෙන් පසු පැයක් ගත වෙද්දී පොලිස්පති යළි ධුරයේ පිහිටවූ බව.

සී.ඩී. වික්‍රමරත්නට නැවත සති තුනක සේවා දිගුවක් ලබා දී තිබුණු අතර, ඔහු දිගටම පොලිස්පති ධුරයේ තබා ගැනීමට බීජිං නුවර සිට ජනාධිපතිවරයා පියවර ගත් බව ලංකාදීප වාර්තාව අනුව සඳහන් වෙනවා.

කවුදෝ ඇමති කෙනෙක් ලංකාදීපයට සහ දිනමිණට කියා තිබෙන්නේ, මෙලෙස පොලිස්පතිවරයා ඉවත් කිරීමට උත්සාහ කිරීම ‘කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‘ බව. කුඩු ව්‍යාපාරිකයන් එම ‘කුමන්ත්‍රණය පසුපස‘ ඉන්නවාලු. එනම්, සීඩී වික්‍රමරත්නට විරුද්ධව කුඩු ව්‍යාපාරිකයන්ලු.

එහෙත් මෙරට විශාලතම කුමන්ත්‍රණය වන්නේ සාමාන්‍ය ජනතාවගේ කැමැත්තට පිටින්, මැතිවරණ නොපවත්වා ජනාධිපතිවරයා බලය අල්ලාගෙන සිටීමත් තමන්ගේ පටු වුවමනා වෙනුවෙන් පොලීසිය වැනි ආයතන පත් කිරීමත්.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading