රෝහිත රාජපක්ෂ ද්විත්ව ආචාර්ය වෙයි! ආචාර්ය උපාධියකට නාමල්ගෙන් සුභපැතුම්!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ සිය දෙවැනි ආචාර්ය උපාධිය ලබා තිබෙන බව රාජපක්ෂ පවුලේ සමාජ මාධ්‍ය පිටුවලින් අනාවරණය වෙනවා.

රෝහිත රාජපක්ෂගේ වැඩිමල් සහෝදරයා වන නාමල් රාජපක්ෂ සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ස්ටෝරි එකක් පළ කරමින්, රෝහිත රාජපක්ෂට සුභ පතා තිබෙනවා.

තවත් හිතවතෙකුද සුභ පතා ඇති අයුරු

රෝහිත රාජපක්ෂ මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයෙන් ආචාර්ය උපාධියක් ලබා සිටිනවා. එක්සත් රාජධානියේ නිව් සවුත්හැම්ප්ටන්හි විශ්වවිද්‍යාලයකින්ද ඔහු මීට පෙර එම්බීඒ සහ බීඑස්සී උපාධි ලබා සිටියා.

මීට අමතරව රෝහිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ මෙරට ප්‍රධාන ක්‍රීඩා සමාජ නියෝජනය කළ රග්බි ක්‍රීඩකයෙක්ද වනවා. කළුතර නාගරික ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් තරගවලටත් එකතු වී ඇති නිසා ඔහු වෙනුවෙන් ‘ක්‍රික් ඉන්ෆො‘ වෙබ් අඩවියේ පිටුවක්ද නිර්මාණය කර තිබෙනවා.

ඊට අමතරව ඔහු විශාල ප්‍රසිද්ධියක් ලද ගීත කිහිපයක් ගායනා කර ඇති ගායන ශිල්පියෙක්ද වනවා.

ශ්‍රී ලංකාවේ සුප්‍රිම් සැට් ව්‍යාපෘතියට විශේෂඥයෙකු ලෙස එක් වූ ඔහු, චීනය විසින් අභ්‍යවකාශගත කරන ලද චන්ද්‍රිකාවකට ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ රූපයක් ඇතුළත් කිරීමටත් සමත් වුණා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading