කෝටි 500ට අධික මුදලක් වියදම් කළත් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වී නැහැ!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම සඳහා ඉකුත් වසර තුන ඇතුළත 2020, 2021, 2022 වර්ෂ තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය 5,219,297,390 වියදමක් දරා තිබුණද සැලසුම් කළ පරිදි ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අපොහොසත් වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් කර ඇත.

අදාල තොරතුරු කර ඇත්තේ අධයාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබුණු 2022 වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්ව ඇති විගණන වාර්තාව තුළය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අධ්‍යාපන, ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවා තිබුණි. කෙසේ වුවද මෙම රාජ්‍ය අමාත්‍යාංශය 2022 ජුලි 22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අහෝසි කොට තිබුණි.

විෂය පථයට අයත්ව තිබූ කාර්යයන් හා කර්තව්‍යයන් එදින සිට අධ්‍යාපන අමාත්‍යාංශය යටතට නතුකොට තිබුණු අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර 06ක් හඳුනාගෙන තිබුණි. සියලුම කාර්යයන්ට අදාළ මූලික ක්‍රියාකාරකම් පස් අවුරුදු ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම අනුව 2021 ජනවාරි, පෙබරවාරි, මාර්තු යන මාසවල ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තිබුණි. එහෙත් මෙම කටයුතු සැලසුම් කළ කාලසීමාවේ ඉටුකිරීමට රාජ්‍ය අමාත්‍යාංශයට හැකිවී නැති බවද විගණන වාර්තාවේ සඳහන් කර ඇත.

අදාල වාර්තාව මෙතනින් කියවන්න – https://moe.gov.lk/wp-content/uploads/2023/07/Sinhala-1.pdf

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading