Wednesday, October 4

අස්වැසුම අහිමි වූවන්ගේ අභියාචනා මිලියනයට ආසන්නයි!

අස්වැසුම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහනට අභියාචනා 957,000ක් සහ විරෝධතා 37,000ක් ලැබී ඇතැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කර තිබේ.

ජුනි 20 සිට ජුලි 10 දක්වා කාලසීමාව තුළ මෙම අභියාචනා ප්‍රමාණය ලැබී ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත කර ඇති අභියාචනා මණ්ඩල වෙච මෙම අභියාචනා ඉදිරිපත් කර ඇති අතර, එම දත්ත දිස්ත්‍රික් ලේකම් අනුමත කිරීමෙන් අනතුරුව පවුල් ඒකක තෝරා ගැනීම සිදුවීමට නියමිතය.

ජුනි 20-30 කාලය තුළ අභියාචනා සහ විරෝතා ඉදිරිපත් කිරීමට අයැදුම්කරුවන්ට අවස්ථාව දී ඇති අතර, ඉන්පසු ජනතා ඉල්ලීම් සලකා බලා එම කාලය ජුලි 10 දක්වා දීර්ඝ කිරීමට නියමිතය. සංක්‍රාන්තික- අවදානමට ලක් වූ- දුප්පත් සහ අන්ත දුප්පත් යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කිරීමට නියමිතය. ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා සුපුරුදු පරිදි දීමනා දෙන බව කියා තිබේ.

Author

%d bloggers like this: