නාවලපිටියේ සාමණේර හිමිවරුන්ට අතවර කළ චෝදනාවකට, භික්ෂුවක් රිමාන්ඩ්

නාවලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි සාමණේර හිමිවරුන් තිදෙනෙකු අපයෝජනය කළායැයි චෝදනා ලබා එම විහාරස්ථානයේ වැඩසිටි භික්ෂුවක් ජුලි 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

එම භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ජුලි 08 වැනිදා වන අතර, නාවලපිටිය මහේස්ත්‍රාත් හර්ෂණී රාජකරුණා මහත්මිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකාර භික්ෂුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මෙම සිදුවීමට සම්බන්ධ සාමනේර හිමිවරුන් තිදෙනා සහ සෙසු සාමණේර හිමිවරුන් නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වැඩබලන මහේස්ත්‍රාත්වරිය නාවලපිටිය පොලීසියට නියෝග කර තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ජාතික ළමාරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලක් මතය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading