දෙසැම්බර් 3 වැනිදා විතරක් ආබාධිත පුද්ගලයන්ට මෙට්‍රෝ ෆ්‍රී

ආබාධිත පුද්ගලයන්ගේ අන්තර්ජාතික දිනය දෙසැම්බර් 3 වැනිදාට යෙදී ඇති බවත්, ඒ හේතුවෙන් එදිනට ආබාධිත පුද්ගලයන්ව නොමිලේ ප්‍රවාහනය කරන ලෙස තමා මෙට්‍රෝ ආයතනයෙන් ඉල්ලා සිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට අද (නොවැම්බර් 27) එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, මෙට්‍රෝ ආයතනය දෙසැම්බර් 3 වැනිදා ආබාධිත පුද්ගලයන්ව නොමිලේ මෙට්‍රෝ බස් රථවල රැගෙන යාමට තීරණය කර ඇති බව එහි සභාපතිවරයා ලිපියක් යොමු කරමින් තමා වෙත දැනුම් දී ඇති බවයි.

ඒ අනුව, ආබාධිත පුද්ගලයන්ට දෙසැම්බර් 3 වැනිදා නොමිලේ මෙට්‍රෝ බස් රථවල ගමන් කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

Author

Leave a Reply

Related Posts