නොවැම්බර් 30 වැනිදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට තීරණය කළත් වැඩවර්ජනයකට යනවාද නැද්ද යන්න පිලිබඳ තවම තීරණය කර නොමැති බව GMOA සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ අද (නොවැම්බර් 27) ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, 30 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයකට යෑමට තීරණය කර ඇත්දැයි යන්න පිළිබඳව Whatnews කළ විමසීමකදීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අද (නොවැම්බර් 27) පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී නොවැම්බර් 30 වැනිදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමේ තීරණය ගෙන තිබේ.
