ප්‍රසන්නට රට යන්න අල්ලස් කොමිසමේ කැමැත්ත අහයි

හිටපු ඇමති ප්‍රසන්න රණතුංගට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විරෝධතාවක් තිබේද නැද්ද යන්න පිළිබඳ විමසීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කර ඇත.

ඒ හිටපු ඇමති ප්‍රසන්න රණතුංග වෙනුවෙන් කරන ලද එම ඉල්ලීම ඔහුගේ නීතිඥයින් විසින් අද (නොවැම්බර් 27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඒ අනුව ඊට අදාළ නඩුව විදේශ ගමන් තහනම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යළි දෙසැම්බර් 04 වැනිදා කැඳවීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Author

Leave a Reply

Related Posts