කස්සපට කොළඹ අපරාධ කොට්ඨාශයෙන් දැනුම් දීමක්

මේ වනවිට රුවන්වැලි සෑය අසල උපවාසයක නිරත බලංගොඩ කස්සප හිමියන්ට හෙට (නොවැම්බර් 13) ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස දැනුම්දීමක් කර ඇත.

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ කළ සත්‍යග්‍රහයේදී පොලිස් නිලධාරීන් පිරිසක් කස්සප හිමියන්ට පහරදුන් බවට මාධ්‍ය වෙත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව එම දැනුම්දීම සිදුකර ඇත.

එමෙන්ම බලංගොඩ කස්සප හිමිට ඊයේ කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දීමක් සිදුකර තිබුණත් ඒ සඳහා ප්‍රතිචාර දක්වා තිබුනේ නැත.

Author

Leave a Reply

Related Posts