සජබ මහලේකම්ගේ නියෝගය නොතකා පන්විල ප්‍රාදේශීය සභා අය වැයට සජබ මන්ත්‍රීවරු ඡන්දය දෙති – අයවැය සම්මතයි

සමගි ජනබලවේගයට බලය හිමිව තිබියදී අයවැය පරාජය කරන ලෙස පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුත් ලිපියක් යොමු කිරීම නිසා මහත් ආන්දෝලනයකට තුඩුදුන් පන්විල ප්‍රාදේශීය සභාවේ 2027 අයවැය ඡන්ද විමසීම පෙරේදා (11) පැවැති අතර වැඩි ඡන්ද 04 කින් අයවැය සම්මත කර ගැනීමට එහිදී සමගි ජනබලවේගය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමත්ව තිබේ.

පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරශාන්ත පෙරේරා මහතා 2027 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්ද 08 ක්ද විපක්ෂව ඡන්ද 04 ක් ද ලැබී ඇත.

එහිදී සභාව නියෝජනය කරන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු 06 දෙනා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ජාතික ජනබලවේගයට මන්ත්‍රී ධුර 05 ක් හිමිව තිබෙන අතර ඉන් සිව් දෙනෙකු අයවැයට විපක්ෂය ඡන්දය ලබාදී ඇත. ජාතික ජනබලවේගය නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙකුද ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනා හා සර්ව ජනබලයේ මන්ත්‍රීවරයාද මෙදින සභාවට නොපැමිණීම විශේෂත්වයකි.

Author

Leave a Reply

Related Posts