කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සහ ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජූලි 22 දිනෙන් පසු මේ දක්වා රැස්වී නැති බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි දයාසිරි ජයසේකර පැවසීය.
දයාසිරි ජයසේකර මන්ත්රීවරයා අද (ඔක්තෝබර් 20) දින ඒ බව පැවසුවේ එම විශේෂ කාරක සභාවේ කාල සීමාව දෙසැම්බර් 21 දින දක්වා දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ යෝජනාව පිළිබඳ අදහස් දක්වමින්ය.
මාස 3ක කාලයක් එම කාරක සභාව රැස්නොවී තවදුරටත් කාලය ලබා ගැනීම මගින් සිදුකිරීමට යන්නේ එම සිදුවීම යට ගැසීමට යන්න එහිදී මන්ත්රීවරයා ප්රශ්න කළේය.
