නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්ට විදෙස් ගමන් තහනම්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අධිකරණය ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

සංජය සමරසිංහ මහතාගේ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හමුවූ සේප්පුවක් සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී නිවස පරීක්ෂා කර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව නිවසේ තිබූ සේප්පුවක්ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන තිබුණා.

අදාළ සේප්පුවේ තිබී රුපියල් මිලියන 1.8ක මුදලක් සොයාගත් බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading