විදේශීය ත්රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත් ආණ්ඩුව අද (ඔක්තෝබර් 20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
විදේශීය ත්රස්තවාදී සටන්කරුවන් විසින් එල්ල කරන තර්ජන වැළැක්වීමට සහ මැඩපැවැත්වීමට අදාළව වර්ෂ 2014 සැප්තැම්බර් මස 24 වන දින සම්මත කරගන්නා ලද 2178 දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සභා යෝජනා සම්මතය බලාත්මක කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා විදේශීය ත්රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.
ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද, ඵලදායී ජාතික සහ අන්තර්ජාතික සහයෝගීතාව මගින් බරපතළ අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා ද, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් ඉදිරිපත් වන තර්ජනවලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා ද සහ ඒ හා සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.
