ශ්රී ලංකාව තුළ රාජ්ය පෞද්ගලික හවුල් ව්යාපාර (PPP) ප්රවර්ධනය කිරීම සහ ඊට අදාළ පහසුකම් සැලසීම සඳහා වන නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යවරයා ලෙස ජනධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට මෙලෙස අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙම නව පනත මගින් රාජ්ය පෞද්ගලික හවුල් ව්යාපාර සඳහා වන ජාතික නියෝජිතායතනය පිහිටුවීමට මෙන්ම, මෙරට ආයෝජන හා සංවර්ධන ව්යාපෘති සඳහා විධිමත් නෛතික රාමුවක් සැකසීමට නෛතික ප්රතිපාදන සැලසෙනු ඇති බව පැවසේ.
මෙම පනත කෙටුම්පත් කිරීම සඳහා 2025 ජූනි 02 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී මුලින්ම ප්රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇති අතර, ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් අදාළ පනත් කෙටුම්පත සකස් කර ඇත. ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ද ඊට නෛතික නිෂ්කාශනය ලබා දී තිබේ.
