හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
