NSB බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් අත්අඩංගුවට

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (ඔක්තෝබර් 07) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධ සිරිලිය සවිය සංවිධානයේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ සිදුකරන විමර්ශනයකට අදාළව බව වාර්තා වේ.

මෙම විමර්ශනයේ එක් ප්‍රධාන කරුණක් වන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට යැයි පවසමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් සිරිලිය සවිය වෙත ලබාගෙන තිබීමයි.

එම මුදල නියමිත අරමුණ සඳහා යොදා අදාළ යන්ත්‍රය මිලදී නොගැනීම සම්බන්ධයෙන් දූෂණය නමැති වරද සිදුකර තිබේදැයි අල්ලස් කොමිසම විමර්ශනය කරන අතර, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පොදු දේපළ අවභාවිතය ඇතුළු වෙනත් අපරාධ නීති ප්‍රතිපාදන යටතේ සිද්ධිය විමර්ශනය කරමින් සිටී.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading