ගලගොඩඅත්තේ ඥානසාරගේ සිවුර ඈත් නොකරන ලෙසත්, සිවුර පිටින්ම පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙසත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ අනුනායක ආචාර්ය කොටපිටියේ රාහුල හිමි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යවමින් ඉල්ලා ඇත.
ගලගොඩඅත්තේ ඥානසාර විනය පිටකයට අනුව පරාජිකා වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතල හේතුවක් එම සංඝ සභාව වෙත වාර්තා වී නොමැති බවද, එමෙන්ම ශාසනික වශයෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම සංඝ සභාවට අයත් වගකීමක් බවද එහි සඳහන් කර තිබේ.
භික්ෂුවකට සිවුර පෙරවීම හා භික්ෂුවකගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ පැවිද්ද ලබා ඇති එම භික්ෂුවට හා එම භික්ෂුව අයත් මහ සංඝ සභාවට බවද එහි අවධාරණය කර තිබේ.
එහි පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායකට හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට යොමු කර ඇත.
