ලංකා මිනරල් සෑන්ඩ්ස් හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගමේ කම්කරු තනතුර සඳහා අනුමත ප්‍රමාණය ඉක්මවා බඳවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව අනියම් කම්කරු තනතුර සඳහා බඳවා ගැනීම මගින් දූෂණය නැමැති වරද සිදුකිරීම මත එම සමාගමේ හිටපු සභාපතිවරයකු වූ දසනායක මුදියන්සේලාගේ උදේනි ජයරත්න දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන තිබේ.

අද (සැප්තැම්බර් 25) පෙරවරුවේ එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබූ අතර සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

2023/2024 වසරවල සිදුකළ එම බඳවා ගැනීම් මගින් රුපියල් තුන් කෝටි හතලිසි හතර ලක්ෂයකට අධික (රු. 34,438,650.42) මුදලක් එම නියම් කම්කරුවන්ට වැටුප් ගෙවීමට සැලැස්වීමෙන් ඔවුන්ට අයුතු සහගත වාසියක් සිදුකර දූෂණය නැමැති වරද සිදුකිරීම එම හිටපු සභාපතිවරයාට එරෙහි චෝදනාව වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading