අභියාචනාධිකරණයට විනිසුරුවරුන් 5ක්, 2ක් මහාධිකරණයෙන් යනුවෙන් ඊයේ (සැප්තැම්බර් 22) පළකල ප්‍රවෘත්තිය නිවැරදි විය යුතු අතර එහි සඳහන් අධිකරණ සේවා නිලධාරීන් වන පෙරුමාල් සිවකුමාර් මහතා, ආනන්දි කනකරත්නම් මෙනෙවිය හා ඤාණේස ලලිත් කන්නන්ගර යන මහත්ම මහත්මීන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා නිර්දේශ කර නැත.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා අද (සැප්තැම්බර් 23) අධිකරණ සේවා නිලධාරීන් වන පෙරුමාල් සිවකුමාර් මහතා, ආනන්දි කනකරත්නම් මෙනෙවිය හා ඤාණේස ලලිත් කන්නන්ගර යන මහත්ම මහත්මීන් පත්කර ඇත්තේ මහාධිකරණ විනිසුරුවරුන් වශයෙන්ය.
නවරත්න මාරසිංහ හා මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා පමණක් අභියාචනාධිකරණයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබේ.
