භාණ්ඩ ආනයනය සිදුකරන බව හඟවමින් සමාගම් 5ක් මගින් රුපියල් බිලියන 24.85ක් වටිනා ඩොලර් විද්‍යුත් විගමන (ටෙලි ට්‍රාන්සර්) ක්‍රමය මගින් මෙරටින් පිට කිරීමට ආධාර අනුබල දුන් පුද්ගලයකු පොලිසිය විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයෙදී ඊයේ (සැප්තැම්බර් 22) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 35ක් වන කොළඹ 12 වේල්ල වීදියේ පදිංචිකරුවෙක් බවත්, ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.
එමෙන්ම එම සැකකරු අත්අඩංගුවට ගත්තේ මෙරට ලියාපදිංචි සමාගම් 89ක් විසින් භාණ්ඩ ආනයනය සිදුකරන බව හඟවමින් ටෙලි ට්‍රාන්සර් හරහා ඩොලර් සංචිත මෙරටින් බැහැර කිරීම සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් සිදුකරන විමර්ශනය යටතේ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.
