මරණ දඬුවම නියම වූ තරුණයා ගැන තමිල් අරසු පක්ෂය ජනාධිපතිගෙන් ඉක්මන් හමුවක් ඉල්ලයි

සවුදි අරාබි රාජ්‍යය තුළ මරණ දඬුවම නියම වී සිටින 26 හැවිරිදි සිවරාසා අනෝජන් නැමැති තරුණයාට සමාව ලබාදී නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉක්මණින් හදිසි හමුවීමක් ලබාදෙන ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා ඇත.

ඊයේ (සැප්තැම්බර් 23) දින ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉලංකෙයි තමිල් අරසු පක්ෂය එම ඉල්ලීම සිදුකර ඇති අතර එහි සඳහන් කරන්නේ විදේශ කටයුතු ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී එදින දැනුම් දුන් පරිදි සිවරාසා අනෝජන් තරුණයා බේරා ගැනීම සඳහා සවුදි අරාබියට පිටත්ව යන නියෝජිත පිරිසට එම පක්ෂය වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්ද්‍රන් කෝඩීස්වරන් නම් කරන බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට අදහස් කරන එම හමුව සඳහා ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වන බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading