ධුර කාලය අදාළ නැත්නම්, දීර්ඝ කිරීම අදාළ වන්නේ කෙසේද? අජිත් පී පෙරේරා

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුකරන උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම වත්මන් විනිශ්චයකාරවරුන්ට අදාළ නම්, ඒ මගින් යෝජනා කර තිබූ අගවිනිසුරුවරයෙකුගේ උපරිම ධුර කාලය වත්මන් අගවිනිසුරුවරයාට අදාළ නොවන්නේ කෙසේදැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා අද (සැප්තැම්බර් 24) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ඔහු එසේ ප්‍රශ්න කළේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දෙවෙනි වර කියවීමේ විවාදයට එක්වෙමින් වන අතර එහිදී අජිත් පී පෙරෝරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ධුර කාලය සීමා කිරීම වත්මන් අගවිනිසුරුවරයාට අදාළ නොවන්නේ නම්, විශ්‍රාම වයස දීර්ඝ කිරීම වත්මන් විනිශ්චයකාරවරුන්ට අදාළ වන්නේ කෙසේද යන්නයි.

එමෙන්ම ඔහු අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට හා ආණ්ඩුවට අභියෝග කරමින් පැවසුවේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 70 දක්වා දීර්ඝ කළ යුතු බවට කිසිඳු වාර්තාවක් හෝ සාකච්ඡාවක් මෙතෙක් තිබී නැති බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා ව්‍යාජ ප්‍රකාශයක් ඔහුගේ කතාවට පෙර පාර්ලිමේන්තුවේදී සිදුකළ බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading