22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදය අද

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුමත පිළිබඳව පාර්ලිමේන්තු විවාදය අද (24) සහ හෙට දින පැවැත්වේ.

අද පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ ධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුමත පිළිබඳව දෙවන වර කියවීම සඳහා කාලය වෙන්කර ඇති බව වාර්තා වේ. හෙට දිනයේද පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා මෙම විවාදය සඳහා කාලය වෙන්කර ඇති අතර හෙට පස්වරුවේදී ඊට අදාළ ඡන්දය විමසීම පැවැත්වෙනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පසුගිය සැප්තැම්බර් 22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති බව කතානායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading